ගාලු මුවදොර අරගල බිමට අදට දින 26ක් – කොළඹ වාර්තාකරු

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජනතා අරගලය අද 26 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

  

විරෝධතාවයේ නිරත පිරිස අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉවත් වී රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි. විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් ඊයේ රාත්‍රියේදීත් මෙම අරගලයට සහය පළ කළ අතර උතුරු හා නැගෙනහිර පළාත් නියෝජනය කරමින්, කතෝලික පියතුමන්ලා පිරිසක් ද ඊයේ අරගල භූමියට පැමිණ සහය පළ කර තිබෙයි.

අරගලයේ ජනතා හඬට ද මෙහිදී ඉඩකඩ ලබාදී ඇති.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට

ඉවත්වන්නැයි බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ආරම්භ කළ මයිනා ගෝ ගම ජනතා විරෝධතාවද තවදුරටත් ක්‍රියාත්මකය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *