රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ නම භාවිතා කරමින් රැකියා ජාවාරමක්

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ නම භාවිතා කරමින් සිදුකරන ඊශ්‍රායල් හා ජපන් රැකියා ලබා දෙන බව පවසා මුදල් ගසා කෑමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වූ බව  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඊශ්‍රායල් හා ජපන් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ජාවාරමේ නිරත මෙම වංචනික පුද්ගලයන්ට හසුනොවන මෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටින අතර, තම කාර්ය මණ්ඩලයේ කිසිවකු හෝ මෙම ජාවාරමට සම්බන්ධ නොමැති බවද රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සිදු කෙරන ඊශ්‍රායල් හා ජපන් රැකියා සඳහා බඳවාගැනීම් කාර්යාංශය මගින් පමණක් සිදුකරන අතර, මේ සඳහා කිසිඳු නියෝජිතයකු පත්කර නැත. සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිතා කරමින් මෙවැනි රැකියා ජාවාරම් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයූතු  කෙරේ.
රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ නම භාවිතා කරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පහත දැක්වෙන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටි.
24 පැයේ තොරතුරු මධ්‍යස්ථානය 1989
විශේෂ විමර්ශන අංශය 011 2864142 හෝ 2864118
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *