රට පුරා පාසල් වැසේ හැටන් චන්දන ජයවීර , හංසලි උමාදී

විදුහල්පතිවරු හා ගුරුවරු අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔවුන් අද තැපැල් කාර්යාල වෙත පැමිණ විදුලි පනිවුඩ යවන අයුරු දක්නට ලැබිණි

අද දිනයේ දරුවන්ගේ පාසල් පැමිණිම වෙනදා තරමට ම ඉහල මටිටමක නොතිබිණි .

හලාවත ප්‍රදේශයේ පාසල් වැඩි ප්‍රමාණයක් අද වසා දමා තිබු අතර පාසල් කීපයක පමණක් ගුරුවරු හා ළමුන් කීප දෙනෙකු පැමිණ සිටියහ
හැටන් ප්‍රදේශයේ පාසල් රැසක්ද වසා දමා තිබු අතර හලාවත මෙන් පාසල් කීපයකට පමණක් ගුරුවරු හා ළමුන් කීප දෙනෙකු පැමිණ සිටියහ .
හැටන් ප්‍රදේශයේ පාසල් රැසක්ද වසා දමා තිබු අතර හලාවත මෙන් පාසල් කීපයකට පමණක් ගුරුවරු හා ළමුන් කීප දෙනෙකු පැමිණ සිටියහ .

