කුරියර් ක්‍රමයට රට පුරා මත්කුඩු බෙදා හැරලා – මහනුවර වාර්තාකරු

කොළඹ සිට මහනුවරට කුරියර් ක්‍රමයට යොමුකළ ලිපියක තිබී මත්කුඩු ග්රෑම් පහක් සොයා ගැනීමට මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්  අද (10) සමත්ව ඇත.
දීර්ඝ කාලයක පටන් මේ ආකාරයට කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට කුරියර් ක්‍රමයට මත්කුඩු බෙදාහැර තිබෙන බවට පොලීසිය සැකකරයි.
ලියුම් කවරයක් තුළට ඉතා සූක්ෂම ලෙස මතුකුඩු අසුරා එම ලිපිය ව්‍යාජ ලිපිනයකට යොමු කරන බවත් ලිපිය බෙදා හරින පුද්ගලයා ලිපිනය සොයා ගැනීමට නොහැකිව එහි ඇති දුරකතන අංකයට කතා කරන අවස්ථාවේ අදාළ නියෝජිතයා පැමිණ ලිපිය බාර ගන්නා බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
මේ ආකාරයට කොළඹ සිට මහනුවරට මත්කුඩු බෙදාහරින බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය ඒ පිළිබඳ විමසිල්ලෙන් සිට ඇත.
ලිපිය කොළඹින් බාරදුන් පුද්ගලයාගේද තොරතුරු ව්‍යාජ වීම හේතුවෙන් සැකසිතී ලිපියක් විවෘත කර බැලීමේදී එහි තිබී මතුකඩු ග්රෑම් පහක් හමුවී තිබේ.
අදාළ ලිපිය ලැබිය යුතු පුද්ගලයා ලෙස සඳහන් කර තිබෙන පුද්ගල නාමයද ව්‍යාජ එකක් බවත් එහි සඳහන් දුරකතන අංකයට කතා කිරීමෙන් එහි සැබෑ හිමිකරු කවුද යන්න පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බවත් කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.
මෙම මත්කුඩු බෙදාහරින ක්‍රමය හෙළි වීමෙන් පසු ලිපියේ සඳහන් දුරකතන අංකය හිමි පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර අධිකරණයට කරුණු වාර්තා කර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල විතානගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප-කුරියර් ක්‍රමයට යොමුකර තිබී මත්කුඩු පාර්සලය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *