ඉන්ධන මිළ ඉහලට – ප්‍රියදර්ශිකා ඒකනායක

ලංකා IOC සමාගම  ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව සියලු වර්ගවල ඩීසල් ලීටරයක් සියයට 54කින් එනම් රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක්සියයට 27කින් එනම් රුපියල් 50කින් ඉහළ දමා ඇත. ඒ අනුව ඩීසල් ලීටරය රුපියල් 214ක් ද පෙට්‍රල් ලීටරය රුපියල් 234ක් ද වේ.

මෑත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා IOC සමාගම සඳහන් කළේ, රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම මත ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *