වට්සැප් හරහා නිරුවත් ජායාරුප ප්‍රසිද්ධ කල කාන්තාවක් මහනුවරදී අත්අඩංගුවට – මහනුවර වාර්තාකරු

watsap

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස් ඇප් මගින් වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන තිස් හතර හැවිරිදි කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් (09) පස්වරුවේ මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සහෝදරයාගේ බිරිඳ විසින් තම නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන සිදුකර අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව අඟේ නෑනා සමඟ අමනාපයෙන් පසුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.
සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *