මස්කෙළියේ වතු කම්කරු පවුල් 200 කට උග්‍ර පානීය ජල ගැටළුවක් – චන්දන ජයවීර – හැටන්

මස්කෙළිය වැවිලි සමාගමට අයත්, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්‍රන්ස්වික් කොටසේ වතු කම්කරු පවුල් 200 කට පමණ උග්‍ර පානීය ජල ගැටළුවක් පවතින නිසා එම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
මෙම වතුයායේ කම්කරු ජනතාව සඳහා උල්පත් ජලය භාවිතා කරමින් නළ මාර්ගයෙන් පානීය ජලය සපයා ඇත්තේ වතු පාලනාධිකාරිය මගිනි. මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් සමග එම ජල මූලාශ්‍ර සිඳි යාම නිසා වතු පාලනාධිකාරිය ට්‍රැක්ටර් යොදවා
පානීය ජල ප්‍රශ්නය හේතුවෙන් නියමිත වේලාවට දෛනික සේවා කටයුතු සදහා වාර්තා කිරීමට නොහැකි වී ඇති බව පෙන්වා දෙන මෙම වතු කම්කරුවෝ, පාසල් වයසේ තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද අඩාල වී ඇති බව පෙන්වා දෙති.
ජලය පොම්ප කිරීම සඳහා වතු පාලනාධිකාරිය මගින් භාවිතා කරන ජල මෝටරය නිරන්තර අක්‍රීය වන බවත්, එය පැරණි අබලන් මෝටරයක් නිසා අළුත්වැඩියා කිරීම නිෂ්ඵල කටයුත්තක් බවත් පෙන්වාදෙන මෙම කම්කරුවෝ ක්‍රමවත් ජල සැපයුම් ක්‍රමයක් සම්පාදනය කර දෙන ලෙස වතු පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිති.