ඩොලර් ගේන්න කංසා වවමු ,හලාවතින් යෝජනාවක් – හලාවත වාර්තාකරු

රටට ඩොලර් ගෙන එම සදහා කංසා නීතිගත කරන ලෙසට පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමේ යෝජනාවක් ඊයේ (13 ) හලාවත නගර සභාවට ඉදිරිපත් කැරිණි . මේ යෝජනාව හලාවත නගර සභාවේ පාලන බලය හිමි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නීතිඥ නිහාල් සුමනධිර මහතා විසින් ඉදිරිපත් කරන කල අතර මේ සදහා ජන්ද විමසීමක් සිදු නොවිණි . එහෙත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බට්ලට් මාජිනි මන්ත්‍රීවරිය ප්‍රකාශ කලේ වගා කිරීම සදහා තමන්ටද කංසා පැළ දෙකක් ලබා දෙන ලෙසයි .
මේ යෝජනාව ඉදිරිපත් කරමින් කතා කල නීතිඥ නිහාල් සුමනධිර මහතා ප්‍රකාශ කලේ විදේශිකයන් සිංහලයන් දුර්වල කිරීම සදහා මි ගස කපා දැමු අතර කංසා වගාව තහනම් කල බවයි . මේ හේතුවෙන් රට විනාශ වූ අතර නැවත රට දියුණු කිරීම සදහා කංසා වගාව සිදුකිරීම නීතිගත කල යුතු බවද පැවසිය .
මෙහිදී හලාවත නගර සභාවේ උප සභාපති නීතිඥ සාදුකුල් අමින් මහතා සභාව අමතමින් ප්‍රකාශ කලේ මේ යෝජනාව ගෙන ආ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බවයි .
දැන්වීමකි