මහනුවර අධ්‍යාපනයේ ශීතකරණ දෙකක් උස්සලා – මහනුවර වාර්තාකරු

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට අයත් කේ.ඩී.එච් වර්ගයේ වෑන් රථ දෙකක තිබූ කුඩා ශීතකරණ දෙකක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම ශීතකරණ දෙක අතුරුදන් වීම පිළිබඳව විගණන අංශ මගින් මේවන විට පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.
වෑන් රථවල සවිකර තිබූ මෙම එක් ශීතකරණයක වෙළෙඳ පොඝ වටිනාකම රුපියල් 15000.00 ක් පමණය.
අදාළ ශීතකරණ අතුරුදන් වීම සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී පළාත් අධ්‍යාපන බලධාරීන් ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශ ලබාදී නොමැත.
මෙයට වසර කිහිපකට පෙර මෙම ශීතකරණ අස්ථාන ගතව තිබෙන බව දැන ගන්නට තිබේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *