රජය ස්ථිර තිරණයක විභාග වල වෙනසක් නැහැ .

මේ වසරේදි පැවැත්වීමට නියමිත උසස් පෙළ, 5 ශ්‍රේණිය ශීෂ්‍යත්වය  හා සාමාන්‍ය පෙළ, යන විභාගයන් කිසිදු කල් දැමීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කරයි

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්  මහාචාර්ය කපිල සී පෙරේරා මහතා මේ බව නිවේදනය කර ඇත .

ඒ අනුව 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාගයන් සඳහා සංශෝධිත කාලසටහනක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එයට අනුමැතිය හිමිව තිබේ. විභාග කාල සටහන පහතින් දැක්වේ .

5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය – 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 7 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වේ. අධ්‍යාපන පොදු සහතින පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *