වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු කළුතර දී අත්අඩංගුවට – පානදුර හන්සලි උමාදී

ආගමන විගමන කොන්දේසි උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු කළුතර දකුණ පොලිසීය විසින් ඊයේ 06  දහවල් අත්අඩංගුවට ගෙන ඇත .

පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත කළුතර දකුණ පොලිස් වසමේ වෙට්ටුමකඩ හන්දියේ දී සිදු කළ වැටලීමකදී  විදේශිකයන් දෙදෙනා  අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  අවුරුදු 21 හා 23 වයස්වල පසුවන විදේශිකයන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ 06  කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 10 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත  කර ඇති අතර මේ සම්බන්ධව කළුතර දකුණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *