බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාවේ දී අත්ඩංගුවට. – නිමේෂ් සංදීප

හැටන් බගවන්තලාව පෙට්සෝ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගරන බවට බගවන්තලාව පොලිසිය ට ලැබුනු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ ( 6 ) දහවල් මේ වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් මේ සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර වයස අවුරුදු 34, 37 හා 38 යන වයස්වල පසුවන අය වෙයි. සැකකරුවන් පොලිස් ඇපමත මුදා හැර ඇති අතර මේ මස 11වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා ඇත.
පුස්තකාල ජායාරුප