මෝජෝ අපේ ඉදිරි පියවර

මෝජෝ නිවුස් අපගේ මූලික ඉලක්කය, සමාජයේ කොන් වී සිටින හඬක් නොමැති ප්‍රජාවට, ඩිජිටල් හා සමාජ මාධ්‍ය තුළ හඬ නැඟීමට අවකාශය විවෘත කිරීමයි. mojo news lk යූටියුබ් නාලිකාව එහි මූලික ප්‍රවේශයයි. ඒ අනුව, සාම්ප්‍රදායික ප්‍රධාන මාධ්‍ය නාලිකා අවධානය යොමු නොකරන, ගම් මට්ටමේ ජනතා හඬ අවදි කිරීමට මේ මඟින් ඉඩ වෙන් කෙරෙනවා.

මේ අවකාශය පුළුල් කිරීම වෙනුවෙන් අප භාවිත කරන්නේ ජංගම දුරකතන මාධ්‍ය වාර්තාකරන ප්‍රවේශයයි. අප අයතනය මඟින් ඒ සඳහා පුහුණු කිරීම සහ ධාරිතා සංවර්ධනය සිදු කෙරෙනවා.

මෙයට සමගාමීව අප, ප්‍රජාතන්ත්‍රවාදය සහ බහුත්වවාදය වෙනුවෙන් පෙනී සිටීම, සහභාගීත්ව සංවර්ධනය සඳහා ප්‍රජා මාධ්‍ය, මෝජෝ කතන්දර කීම සහ සමාජ වෙනසක් උදෙසා නව මාධ්‍ය භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වනවා. මෙවැනි වැඩමුළු ඔස්සේ රට වටා තරුණ කාන්තාවන්, ස්ත්‍රී – පුරුෂ සමාජභාවී සුළු ජාතීන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්, නවක තරුණ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සියයකට අධික පිරිසක් 2020 වසරේ සිට අප සමඟ අත්වැල් බැඳ ගෙන කටයුතු කරමින් සිටිනවා. අපගේ ඉලක්කය, මීළඟ වසර පහ තුළ සෑම ග්‍රාම සේවා වසමකම මෝජෝ වාර්තාකරුවෙක් බිහි කිරීමයි.

අපගේ නවතම වාර්තාකරණ ප්‍රවේශය වන ‘ගම්දොරින් ඇසෙන මෝජෝ නිවුස්’ මේ ක්‍රියාන්විතයේ මූලික පියවරයි. අපගේ පුහුණු වැඩසටහන්වලින් තරුණ පිරිස ප්‍රතිලාභ සහ බල ගැන්වීම් ලබා ගෙන තිබෙනවා. මේ වන විට, ප්‍රගතිශීලි සමාජ වෙනසක් සඳහා තරුණයන්ගේ කාර්යභාරය හඳුනා ගනිමින්, ඩිජිටල් සහ මොජෝ කථා කීමේ පුරෝගාමී මෙහෙවරක Mojo News Lk අප නිරත වී සිටිනවා..

වෙබ් අඩවිය

mojo news .lk

යු ටියුබ් නාලිකා

mojo news lk

mojo trevel lk
mojo ewent lk
mojo echo lk
mojo sports lk

mojowebnews@gmail.com
newsmojolk@gmail.com

0773014003

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *