පුත්තලමේ අඩුපහසුකම් සහිත දරුවනට අභ්‍යාස පොත් බෙදා දීම මෙවරත් – හලාවත වාර්තාකරු

අඩු පහසුකම් සහිත පාසල් දරුවන් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් බෙදාදීම පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී පසුගිය දා (26) සිදුකෙරිණි.
ගංවතුර හේතුවෙන් පිඩාවට පත්වූ ජනතාව පිලිබදව විශේෂ අවධානය යොමු කරමින් මෙවර අභ්‍යාස පොත් බෙදා දීම සිදුකර ඇති අතර මේ සදහා සිරස මාධ්‍ය ආයතනයෙන් සිදු කල අනාවරණයන් විශේෂ වී තිබේ .
ඔස්ට්‍රේලියාවේ පදිංචි අනුර සුබසිංහ මහතා ඇතුළු පවුලේ සමාජිකයන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන පොත් පරිත්‍යාගයට සමගාමිව මෙම පරිත්‍යාගය සිදු කර ඇත .
මෙහිදී රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකම්න් යුතු පොත් කට්ටල බෙදා දීම සිදු කර තිබේ 
මේ වැඩසටහන යටතේ මාදම්පේ , තොඩුවාව , පම්බල , හලාවත , කල්පිටිය, , ආරච්චි කට්ටුව , ආණමඩුව ආදී ප්‍රදේශ රැසක දරුවන් සඳහා අභ්‍යාස පොත් බෙදාදීම මෝජෝ නිවුස් ලංකා ආයතනය සමග එක්ව චාන්දනී දිසානායක මහත්මිය විසින් සිදු කරනු ලැබීය . 
මේ වැඩසටහන මෙවර රටේ ප්‍රදේශ රැසක සිදු කර ඇති අතර ඒ සදහා අනුග්‍රහය ලබා දී ඇත්තේද අනුර සුබසිංහ මහතා විසිනි