මහින්ද අමරවීර ඇත්තක් කියයි – මහනුවර වාර්තාකරු

ආණ්ඩු වෙනස්වන විට පමණක් නොව අමාත්‍යාංශයක අමැතිවරයා වෙනස්වන විටද කරගෙන යන වැඩපිළිවෙළ වෙනස් බව බවත් මෙයට නැවතීමේ තිත තබමින් සියලු දෙනාගේ අදහස් ලබා ගනිමින් පරිසර අමාත්‍යාංශය සඳහා කඩිනමින් ජාතික ප්‍රතිපත්තියක් එළිදක්වන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මේවන විට කෘෂිකර්ම හෝ අධ්‍යාපන අමාත්‍යාංශ වලට පවා ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවත් එම අමාත්‍යාංශ මගින්ද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වැඩකටයුතු සිදුවෙමින් පවතින බවත් ඒ මහතා කීය.
පරිසර අමාත්‍යාංශයේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මෙයෙයවීමෙන් මිහිකතට කන්දෙමු මැයෙන් භූ කම්පන හා භූ සම්පත් පිළිබඳව මහනුවර මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.සම්මන්ත්‍රණය මහනුවර දෙවන රාජසිංහ මාවතේ ඕක්රේ හෝටලයේදී පසුගියදා පැවැත් විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර ඇමැතිවරයා මෙසේද කීවේය.පරිසරය විනාශ කරන බොහෝ අය දේශපාලනින වශයෙන් හෝ මූල්‍යමය වශයෙන් ශක්තිය තිබෙන අයයි. අහිංසක සාමාන්‍ය ජනතාව මේ ආකාර පිරිසර විනාශයන් කරන්න පෙළෙඹෙන්නේ හරිම අඩුවෙන්.මහනුවර වරාතැන්න හක්කිඳ දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ සංරක්ෂිත කළාපයේ අනවසර ඉදිකිරීම් කරමින් බරපතල පරිසර විනාශ කරන්නන් ඒවා කරන්නේ දේශපාලන හයිය සහ මුදල් බලය පාවිච්චි කරලයි. මේ අනවසර ඉදි කිරිම් වහා ඉවත් කරන්න අවශ්‍යය ක්‍රියාමාර්ග නීතිය මගින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධ අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් ඉක්මනින් දින ගන්න කටයුතු කරනවා. ගංඟා ආශ්‍රිතව ඉදිකිරීම් කිරීමට ආයතන ගණනාවකින් අවසර ගත යුතුයි. පරිසර අමාත්‍යාංශය අවසර දෙන්න කලින් ග්‍රාම නිලධාරී,ප්‍රාදේශීය ලේකම්,නගර සභාව,ප්‍රාදේශීය සභාව,භූ විද්‍යා හා පතල් කාර්යාංශය,ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,නාගරික සංවර්ධන අධිකාරිය ආදි ආයතන ගණනාවක් අදාළ අවශ්‍යතාව මත අනුමැතිය ලබාදිය යුතුයි. යම් වරදක් වෙනවා නම් මේ සියලු අංශ වල එකමුතුවකින් තමයි ඒක වෙන්නේ.

අපේ රටේ තිබෙන අවාසනාව තමයි එක් එක් විෂය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම.කෘෂිකර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම මේවන විට තිබෙන්නේ අවාසාන අධියරේයි. දැන් තිබෙන ජාතික ප්‍රතිපති ආණ්ඩු නොව ඇමැති වෙනස් වෙනකොට වෙනන් වෙනවා.එහෙම වෙන්න බැහැ.මේ වසරේ අපි පරිසර අමාත්‍යාංශය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු අවසන් කරනවා.අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේදී දේශපාලන බලපෑම් වලට අපි යටත් වෙන්නෙ නැහැ.

අපේ රටේ ගංගා 103 ක් තිබෙනවා.මේවා සියල්ලේම රක්ෂිත සීමා කරන්න උපදෙස් ලබාදී තිබෙනවා.සුරකිමු ගංගා වැඩසටහනට මුදල් ඇමැතියරයා රුපියල් මිලියන 2000 ක් ලබාදී තිබෙනවා.ගංඟා වල අයිතිය විවිධ ආයතනවට තිබෙනවා. ඒ අය තමයි මේවාහි රක්ෂිතය වෙන් කරන්න ඕන.මැණික් ගඟේ රක්ෂිතය වෙන් කිරීම ආරම්භ කළා.මහවැලියේ රක්ෂිතය වගේම කැලණි ගඟේ රක්ෂිතය ලකුණු කිරීම කඩිනමින් ආරම්භ කරනවා. මේ ආකාරයට පියවරෙන් පියවර ගංඟා සියල්ලේම රක්ෂිත වෙන් කිරීමට පියවර ගන්නා අතර ඊට අදාළ මුදල් පරිසර අමාත්‍යාංශය මගින් වෙන් කරනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න,භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි.එම ආයතනයේ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා, සිතියම්කරණ හා භූ විද්‍යා තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජානක අජිත් ප්‍රේම් මහතා, ඛණිජ සමීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නලින්ද සිල්වා මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *