ජාතික ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරඟාවලියේ ප්‍රථම ස්ථානය වෙළඳ සේවා කණ්ඩායමට – නදීක දයා බණ්ඩාර – මහනුවර

වෙළද සේවා කණ්ඩායම නියෝජනය කළ හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවන් ශූරතාවය හිමිකර ගනිමින්, දිගන ගෘහස්ථ ක්‍රීඩංගණයේදී පැවැති ජාතික දැල් පන්දු තරඟාවලිය ඊයේ (23) පස්වරුවේ නිමාවට පත්විය.

දිවයිනේ ලියාපදිංචි දැල්පන්දු කණ්ඩායම් තිස්තුනක් සහභාගීවූ මෙම තරගාවලිය කණ්ඩායම් 04 ක්  මුලික වට තරග  පිළිමළු පිටු දැකීමේ ක්‍රමයට පැවැත්විණි.

තරඟාවලියේ පළමු දිනයේදී කණ්ඩායම් තිහක් අතරින් අර්ධ අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලැබීමට හැටන් නැෂනල් බැංකු, වරාය අධිකාරි, මහනුවර, කුරුණෑගල, යුද හමුදා, කළුතර, ගුවන් හමුදා සහ කොළඹ කණ්ඩායම්වලට හැකිවුණි.

මෙම තරඟාවලියේ සමස්ථ ශූරතාවය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට හිමිවිය. අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හිමිවූ අතර තෙවන ස්ථානය හිමි කර ගන්නා ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විසිනි.

තරඟාවලිය අවසානයේ සම්මාන ප්‍රදානය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හොදම විදින්නියට හිමි කුසලානය, වෙළඳ සේවා සංගමය නියෝජනය කළ දර්ශිකා අබේවික්‍රම ක්‍රීඩිකාව ද හොඳම සෙන්ටර් කොට් ක්‍රීඩිකාවට හිමි සම්මානය වෙළඳ සේවා සංගමය නියෝජනය කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ ගයාංජලී අමරවංශ ක්‍රීඩිකාව ද දිනාගත්තාය.

හොදම ආරක්ෂක ක්‍රීඩිකාවට හිමි සම්මානය රාජ්‍ය සේවා දැල් පන්දු කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා කණ්ඩායමේ චතුරංගී ජයසූරිය ක්‍රීඩිකාව දිනා ගත්තාය. දැල් පන්දු රැජිණ කුසලානය එහිදී දිනා ගන්නා ලද්දේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායමේ මල්මී හෙට්ටිආරච්චි ක්‍රිඩිකාව විසිනි.

ශ්‍රී ලංකා දැල් පන්දු සංගමයේ   සභාපති රංජනී ජයකොඩි මහත්මිය, එම සංගමයේ  ලේකම් කුමුදුනී ගෝමස් මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *