නව ව්‍යවස්ථාවක් එනවා මහාචාර්ය ජී. එල්. පීරිස් මහනුවරදී කියයි – නදීක දයා බණ්ඩාර

රටට උචිත නව ව්‍යවස්ථාවක් මෙම වර්ෂයේදී රටට ඉදිරිපත් කරන බව විදේශ අමාත්‍ය මහතා පවසයි.
නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ එක ඉල්ක්කයක් වන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් විසින් ඊට අදාළ මූලික කරුණු මේ වන විට සම්පාදනය කොට ඇතැයි අමාත්‍යවරයා අද (22) මහනුවර දී ප්‍රකාශ කළේය.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් සහ එම පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මනාප මත පදනම් වූ මැතිවරණ ක්‍රමය දූෂිත තත්ත්වයට පත්වන නිසා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තු කාරක සභාවක් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පත්කොට ඇතැයි කී ඒ මහතා එම කමිටු වල වාර්තා, කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට නුදුරේදීම ඉදිරිපත් වනු ඇතැයි ද කීවේය.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට සංවර්ධනය කිරීමට වසර දෙකක කාලයක් අහිමි වූ නමුත් එම කාලය අභිභවා යා හැකි දැවැන්ත සංවර්ධන කාර්යභාරයක් ජනාධිපතිවරයා විසින් රටට උදා කිරීමට අපේක්ෂා කරන බව ද කීවේය.
පවතින වසංගත තත්වය හේතුවෙන් සංචාරක, අපනයන සහ විදේශ රැකියා ආදී අංශවල දැවැන්ත පසුබෑමක් සිදුවුවත් මිත්‍රශ්‍රීලී රටවල සහයෝගයෙන් මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඉකුත් දා කොරියාවේ කරන ලද සංචාරයකදී රට තරුණ තරුණියන් සඳහා වැඩි රැකීරක්ෂා ප්‍රමාණයක් ලබා දීමට තමන්ට එරට රජය එකගත්වය පළ කළ බවද අමාත්‍යවරයා කීවේය. එමෙන්ම ගැටඹේ සහ කොහුවල ප්‍රදේශයේ ගුවන් පාලම් ඉදිකිරීම විදේශීය ආධාර හිමිවනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉකුත් මාසයක පමණ කාලය තුළදී ඉන්දියාව, චීනය, දකුණු කොරියාව ඇතුලු මිත්‍රශීලී රටවල් ගණනාවකින් ශ්‍රී ලංකා රජයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ආධාර උපකාර ලබාදීමට එකඟත්වය පළ කර ඇතැයි ද විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.