කාලගුණෙන් රතු නිවේදනයක්

හෙට (07) සහ ඉදිරි දින දෙක (08,09) දිවයිනේ වැසි තත්ත්වයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළං අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් මේ බව අපේක්ෂා කරන බව නවතම නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *