කොළඹ – මහනුවර දුම්රිය ධාවනය  නැවත ඇරඹේ

මේ දිනවල පවතින අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබෙන කොළඹ – මහනුවර දුම්රිය ධාවනය  නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කරයි.

රඹුක්කන සිට බලන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයට හානි වීම නිසා දුම්රිය ධාවනය අත්හිටුවා තිබූ බවත් දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීම මේ වනවිට අවසන් වෙමින් පවතින බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *