එදා හාල් පොත අද QR ජාතික භික්ෂු පෙරමුණේ චෝදනාව – මහනුවර වාර්තාකරු

වත්මන් ආණ්ඩුව QR ක්‍රමයට ජන ජීවිතය 50% කින් කප්පාදු කර තිබෙන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ පවසති.
එදා හාල් පොත වෙනුවට අද ජනතාව අතට QR කාඩ්පත ලබාදී තිබෙන බවත් මේ ආකාරයෙන් ජනතා අවශ්‍යතා පාලනය කරන පාලනයකින් අත්වන සෙතක් නොමැති බවත් උන්වහන්සේ කීහ.
උන්වහන්සේ එසේ පැවසුවේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (16) බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් සඝ සමුළුවක් පවත්වා විරෝධය දැක්විය යුතු බවත් ඒ සම්බන්ධව මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුම්වත් කිරීමට කටයුතු කළ බවත් උදිත හිමියෝ ප්‍රකාශ කළහ.
ජනමතය සාධාරණව නියෝජනය වන නියෝජිතයින් ගෙන් යුක්ත නව පාර්ලිමේන්තුවක් ජනතාව අපේක්ෂා කරන බවත් එවැනි මන්ත්‍රීවරු පිරිසක් පත්කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් හිමියෝ පැවසූහ.
පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරුවක් සිදු කරමින් ආණ්ඩුවක් ගොඩනගා ගත් කණ්ඩායම ජත්‍යන්තරය තුළ එය සාධාරණීකරණය කිරීම සඳහා සර්වපාක්ෂික මන්තරයක් ජප කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ලබන වසරේ මාර්තු වන විට හෝ ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ජනතාවට කැමැති ආණ්ඩුවක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවද වකමුල්ලේ උදිත හිමියෝ කීහ.