ග්‍රාම නිලධාරීන් කඩුව අතට ගනී -මහනුවර වාර්තාකරු

දේශපාලන බලය පවිච්චි කර පොලිස් ස්ථානාධිපති ධූර වලට පත්වූ පුද්ගලයින් ඉවත් කිරීමට පොලිස්පතිවරයා කඩිනම් පියවර නොගත හොත් මෙරට සියලුම ග්‍රාම නිලධාරීවරු පොලීසිය හා කරන සියලු රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පවසයි.
පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන දේශපාලන බලය පදනම් කරගනිමින් පොලිස් ස්ථානාධිපති ධූර වලට පත්වූ අය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරු මගින් වාර්තාවක් ලබාගෙන පොලිස්පතිවරයා වෙත කඩිනමින් යොමු කරන බවද ඒ මහතා කීය.
මහනුවරදී  (21) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී නෙවිල් විජේරත්න මහතා මෙසේද කීවේය.ග්‍රාම නිලධාරීවරු මගින් ලබා ගන්නා තොරතුරු පොලිස්පතියරයාට යොමු කිරීමෙන් පසු අදාළ පොලිස් ස්ථාන වෙත සුදුසුකම් ඇති පොලිස් නිලධාරීන් පත් කිරීමට පොලිපතිවරයා පියවර නොගත හොත් පොලිස් ස්ථාන හා පොලිස් දෙපාර්තමේන්තුව සමඟ කරන රාජකාරී කටයුතු වලින් ඉවත් වෙන බවද හෙතෙම අවධාරණය කළේය.
ජ්‍යෙෂ්ඨත්වයෙන් යුතු,නිපුණතා ඇති දක්ෂ පොලිස් නිලධාරීන් පැත්තකට දමා දේශපාලන හෙන්චයියන් ස්ථානාධිපතිවරු ලෙස පත් කිරීම මෙරට අපරාධ ඉහළ යාමට ප්‍රබල ලෙස බලපා තිබෙන බවත් පොලිස් බලතල ක්‍රියාත්මක කරන ග්‍රාම නිලධාරීන් 14000 ක් රටේ සිටින බවත් කී ඒ මහතා සුදුසු නිලධාරීන් පොලිස් ස්ථාන වලට පත්කරන තෙක් අදාළ විරෝධය පළකරන බවද පැවසුවේය.
පොලීසිය බාර ඇමැතිවරයාටත් අපි මේ බව දැනුම් දෙන බවද ඒ මහතා කීය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *