ආරච්චිකට්ටුවේ තත්වය පාලනය කරයි – ප්‍රසාද් පුර්ණමාල්

හලාවත ආරච්චිකට්ටුව පොලිස් වසමේ ඊයේ 02 පස්වරුවේ ඇතිවූ තත්වය පාලනය කල බව හලාවත පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා පැවසිය . මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක්ද යොදවා තිබේ .
ඊයේ 02 පස්වරු 04 .30 ත් පස්වරු 05 .30 ත් අතර කාලය තුල ආයධ සන්නද්ධ මැර කණ්ඩායමක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස හතරකට පැන පහර දී ඇති අතර මේ ප්‍රහාර වලින් තුවාල ලැබූ දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇත . මෙලෙස
තුවාල ලබා ඇත්තේ විශාර්මික හමුදා නිලධාරියෙකු හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සේවය කරන සේවකයෙකු බව වාර්තා වේ .
මේ මැර ප්‍රහාරය හේතුවෙන් තම නිවස ඇතුළු නිවාස හතරක දේපල වලට හානි වී රථ වාහන පහකට හානි සිදුව ඇති බව ජනතා
විමුක්ති පෙරමුණේ හලාවත ප්‍රධාන සංවිධායක හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් ගිහාන් මහතා පැවසිය . මේ මැර පිරිස
අජිත් ගිහාන් මහතාගේ බිරිදගේ හා දියණියකගේ අතින් ඇද ඇති අතර නිවසට හා නවතා තිබු ලොරි රථයකටද බරපතල ලෙස හානි
කර තිබේ .
මේ ප්‍රහාරය සදහා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් සමන්ත
මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් ඇත කඩු ,පොලු ,කිනිසි තිබු බව මේ සිදුවීමට මුහුණ දුන් පුද්ගලයන් පැවසුහ .
මේ සිදුවීම් පිලිබදව ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිලි කර ඇති අතර හලාවත පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා
විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා තිබේ .
මේ පිලිබදව කල විමසීමේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ජගත් සමන්ත මහතා කියා සිටියේ තමන් මේ මැර ප්‍රහාරය සිදු
කිරීමට නොගිය බවයි . ඒ අවස්ථාවේ තමන් සිටියේ තම ඉස්සන් ගොවිපොළේ බවද හෙතෙම පැවසිය .