පවතින අර්බුදය ආණ්ඩු මාරුවකින් විසදන්න බැහැ . ඇමති කෙහෙළිය කියයි – මහනුවර වාර්තාකරු

පවතින තත්ත්වයට වඩා බොහෝ දේවල් ජනමාධ්‍ය මගින් නිර්මාණය කර ජනතාව හමුවට ගෙනයා හැකි බවත් ඇතැම් මාධ්‍ය එකම ඉන්ධන පෝලීම හත්අට වතාවක් පෙන්වමින් එය අපූරුවට සිදුකරමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ජනතාව පීඩා විඳින ඉතාමත් අපහසු කාල වකවානුවක් දැන් ගතවෙමින් තිබෙන බවත් මෙම අවස්ථාවේ පවතින පීඩනයට අමතරව තවත් පීඩනයක් ඇතිකර ජනතාව තුළ මානසික ආතතියක් ඇති නොකරන ලෙස තමන් එසේ සිදුකරන මධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
ගලගෙරද ආසනයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊයේ (26) සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
කොවිඩ් තත්ත්වයත් සමඟ දෛනික ජීවන රටාවේ සිදුවූ වෙනස් වීම් දරාගත නොහැකිව ලෝකයේ සෑම රටකම විශාල ජන පිරිසකට මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු පැනනැගී තිබෙන බවත් රටක් ලෙස අපි මේ පිළිබඳව මෙතෙක් වැඩි අවධානයක් යොමු නොකළත් මේවන විට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ක්‍රියා කිරීමට පියවර ගෙන තිබෙන බවත් ඇමැතිවරයා කීය.
මධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් ජත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරන බවත් මෙය රටට එන ජත්‍යන්තර ආයෝජන අඩුවීමට බලපෑ හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
පවතින අර්බුදය ආණ්ඩු මාරුවක් තුළින් විසඳුම් ලබාගත හැකි තත්ත්වයක නොපවතින බව ප්‍රධාන පක්ෂ තේරුම් ගෙන සර්වපාක්ෂික සමුළුවට සහභාගි වීම හොඳ ප්‍රවනාතවක් බවත් ජනපතිතුමාද මෙය කැඳවූයේ ඉතාම යහපත් සිතින් රටත් ජනතාවත් ගැන සිතා බවත් කී රඹුක්වැල්ල මහතා අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු ගන්න බලාසිටින පිරිස පමණක් මෙයට සහභාගි නොවූ බවද ප්‍රකාශ කළේය.