ඉන්ධන ගැටලුවට ඉක්මනින් තිත .එස් .බි කියයි – මහනුවර වාර්තාකරු

s b disanayake

මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය ඉදිරිපත් කළ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහ අතරින් පක්ෂ හතකටම මන්ත්‍රී ධූර හිමිවුණේ ජාතික ලැයිස්තුවෙන් යැයි කර්මාන්ත අමාත්‍යය එස්.බී දිසානායක මහතා පවසයි.

එම පක්ෂ වලට මන්ත්‍රී නියෝජනයක් ලබා ගැනීමට හැකි වුණේ පොහොට්ටුවට ලැබුණු ඡන්ද නිසා බවත් එය ඔවුන් අමතක නොකළ යුතු බවත් ඒ මහතා කීය.

මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති උත්සවයකින් අනතුරුව ඊයේ (26) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔවුන් තාමත් ආණ්ඩුව සමඟ සිටින බවත් කවදාවත් කුණු විපක්ෂයට නොයන බව වාසුදේව මහතා ප්‍රකාශ කළ බවත් ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා හවුල්කාරි පක්ෂ අතර යම් අභ්‍යන්තර සංවාදයක් ඇති නොවීම සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙන බවත් සියලු ප්‍රශ්න හොඳින් විසඳෙනු ඇති බවත් ඒ මහතා කීය.
පසුගිය කාලයේ මෙරට දිනකට අළෙවි වන මුළු පෙට්ට්‍රල් ඩීසල් ප්‍රමාණය ටොන් 3500-3700 ක් බවත් ඉන්ධන හිඟයක් ඇතිවේයැයි බියෙන් ජනතාව වැඩිපුර ඉන්ධන ගබඩා කර ගැනීම නිසා ගැටලුවක් පැන නැගී තිබෙන බවත් කී කර්මාන්ත ඇමැතිවරයා පසුගිය දිනවල ඉන්ධන ටොන් 8000 ක් බෙදුවත් පෝලීම් නැති නොවුණු බවද අවධාරණය කළේය.
කෑන්,බැරල් පමණක් නොව වතුර බවුසර් වලට පවා පිරිසක් ඉන්ධන පුරවා ගනිත්දී තවත් පිරිසක් තමන්ගේ වාහන වල ටැංකි පිරෙන්නටම ඉන්ධන ලබාගත් බවත් මෙම ගැටලුව තවත් දින කිහිපයකදී අවසන් වනු ඇති බවත් ඒ මහතා කීය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *