ගෑස් හිඟය අවසන්, සෙනසුරාදා සිට වෙන දේ මෙන්න- සඳලි නවෝද්‍යා

 මෙරටට මේ වන විට ප්‍රමාණවත් ගෘහස්ථ ගෑස් සංචිතයක් කෙරවලපිටිය පර්යන්තය සතුව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි  . මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවේ ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියනයක ප්‍රමාණයක් බෙදාහැරීම සිදු කෙරෙන බවයි
මේ අතර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අවසන් වන තුරු ලිට්‍රෝ ගෑස් මිල වැඩි නොකිරීමට එම සමාගම තීරණය කළේය. ලිට්‍රෝ ගෑස් සමාගම පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති අතර ගෘහස්ත ගෑස් සිලින්ඩරේ කින් රුපියල් 1500ක පමණ පාඩුවක් ලබන බව මෙහිදී සාකච්ඡා වී තිබේ. එළඹෙන සෙනසුරාදා (26) වන විට වෙළෙඳ පොළේ පවතින ගෑස් හිඟය අවසන් වන බව ද ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *