මාදම්පේ පොලිසියෙන් ගැබිණි මව්වරුනට අබතෙල් පහන් පුජාවක් . සටහන – ප්‍රසාද් පුර්ණමාල් , ජයාරූප – මාදම්පේ පොලිස් මාධ්‍ය ඒකකය

මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ ජිවත් වන ගැබිණි මව්වරුන් සදහා අබ තෙල් පහන් පුජාවක් හා සත්කාරක වැඩසටහනක් පැවැත්විණි . ඊයේ 24 මාදම්පේ රංග ශලාවේදී මෙය පැවතී අතර මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස හලාවත කොධ්ධාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා සහභාගි විය .

මේ අවස්ථාවට මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ ගැබිණි මව්වරු අසු දෙනෙකු සහභාගී වී සිටි අතර ඔවුනට දිවා ආහාරය ලබා දී හලාවත කොධ්ධාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා අතින් විශේෂ ත්‍යාගයක් ලබා දීමද සිදු විණි .

මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ ප්‍රජා පොලිස් ඒකකය මේ වැඩසටහන සංවිධානය කර තිබිණි .

මාදම්පේ පොලි බල ප්‍රදේශයේ ජිවත් වන ගැබිණි මව්වරුන් ගේ මානසික තත්වය ඉහල නැංවීම මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූ බව මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා  මෝජෝ නිවුස් වෙත පැවසිය .

 

 

 

වීඩියෝව පහතින් බලන්න

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *