අද කාලගුණය. රෙශාරා සමිදුනි

උදෑසන කාලයේ දී බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.
සුළඟ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශා වලින් හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.
කන්කසන්තුරයේ සිට මන්නාරම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල
සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය
කන්කසන්තුරයේ සිට මන්නාරම දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක්
රළු වේ.