රුපියල් මි. 6,000 කොකේන් රේගුව භාරයට – හංසලි උමාදී

අබලි ද්‍රව්‍ය සමඟ මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කොකේන් කිලෝග්‍රෑම් 350 ක් රේගුව භාරයට ගෙන තිබේ.

භාරයට ගත් කොකේන් ‌තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000කි.

සැකකටයුතු කන්ටේනර් 4ක් පරීක්ෂා කිරීමේදී ඉන් එක් කන්ටේනර්යක තිබී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත.

එම කන්ටේනර් පැනමාවේ සිට ඩුබායි වරාය හරහා ආනයනය කර ඇති අතර
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීමට සූදානම්ව තිබූ බව ද රේගුව සඳහන් කරයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *