මහනුවර නිවසක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට… – මහනුවර වාර්තාකරු

මහනුවර කටුගස්තොට මැනික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව අ තිබේ . මෙලෙස මියගොස් ඇත්තේ මේ නිවසේ ජිවත් වූ පියෙකු දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකි .මෙම සිදුවීම අද පෙරවරු 6.40 ට පමණ සිදුවී ඇත.
ගින්නෙන් බරපතල පිළිස්සුම් තුවාල ලද හැට හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙයි.ඒ අනුව, ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත.
සිද්ධියෙන් මියගිය ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව ගෙන ගොස් තිබේ.
තිස් එක් හැවිරිදි ඊස්වරදේවන් මේනකා නැමැති ඔහුගේ දියණිය සහ ඇගේ පෙම්වතාද මරණයට පත්ව ඇත.
තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව තිබේ.ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙයි.
පිළිස්සුම් තුවාල ලැබ මියගිය තරුණියගේ පෙම්වතා නිවසට පැමිණ මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට ලද තොරතුරු ඔස්සේ කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කුලසේකර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.