ආණඩුවට වැටුප් දෙන්න සල්ලි නැහැ .. ඩග්ලස් සේවකයනට තුන්ඩු කැලි දෙයි – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

දින හතක් පුරා පැවති වර්ජනය අවසන් කිරීමට වෙන්නප්පුව ලුනුවිල පිහිටි නොර්ත් සි ආයතනයේ සේවකයන් ඊයේ 14 දහවල් තීරණය කල බව නොර්ත් සි ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් අරුණ පියංකර පෙරේරා මහතා පැවසිය . පෙබරවාරි මස වැටුප් ලබා නොදීම , සේවක අර්ථ සාධක මුදල් නිසි පරිදි නොදැමීම , අවශ්‍ය ප්‍රමාණයට අමුද්‍රව්‍ය ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මේ වර්ජනය පැවති අතර මේ සදහා ආයතනයේ සියලුම සේවකයන් එක්ව සිටීම විශේෂත්වයක් විනි .
ඊයේ 14 පෙරවරුවේ ධිවර අමාත්‍යංශයේදී ධිවර අමාත්‍යවරයා සමග කල සාකච්ඡාවකින් අනතුරුව දින හතක් ඇතුලත පෙබරවාරි මස වැටුප් ලබා දීමට ධිවර අමාත්‍යවරයා ලිඛිතව පොරොන්දු වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය , ජාතික සේවක සංගමය ඇතුළු වෟත්තීය සමිති තීරණය කර ඇත .
වර්ජනය අවසන් කලත් වැටුප් ලබා දෙන තෙක් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන පිටතට යැවීමට කටයුතු නොකරන බව ද නිදහස් සේවක සංගමයේ ලේකම් අරුණ පියංකර පෙරේරා මහතා පැවසිය