2020 වසරට අදාළව වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාවේ වෙනසක් – හංසලි උමාදී

2020 වසරට අදාළව වෛද්‍ය පීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ ඒ අනුව, සිසුන් 110 දෙනෙකු අළුතින් බඳවා ගත් බවයි.

ඒ අනුව, 2020 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි ජීව විද්‍යා අංශයේ සිසුන්ගෙන් මෙවර සිසුන් 1,974 දෙනෙකු වෛද්‍ය පීඨ සඳහා බඳවා ගෙන තිබේ.

2019 වසරේ වෛද්‍ය පීඨ සඳහා සිසුන් 1,961 දෙනෙකු බඳවා ගෙන ඇති අතර 2018 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 1,480 දෙනෙකු වෛද්‍ය පීඨ සඳහා බඳවා ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

එමෙන්ම 2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාලවලට අතුළත් කර ගත් සමස්ත සිසුන් සංඛ්‍යාවද ඉහළ නංවා ඇත.එම සංඛ්‍යාව 43,500 කි.

එය 2019 වසරට සාපේක්ෂව 12,000 ක වැඩි වීමක් බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *