සියලු සිසුන් අද සිට පාසල්වලට _ හංසලි උමාදී

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් අද 14 දින සිට සාමාන්‍ය පරිදි පාසලට කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට පෙර පාසල්වලට සිසුන් කැඳවනු ලැබුවේ, ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් කාණ්ඩ ලෙසය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ , කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.
ළමුන් සෞඛ්‍යාරක්ෂිතව පාසල් යැවීමට දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් – 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා දෙමව්පියන්ට දැනුම් දෙයි.