මහනුවර රජවාසල ඉදිකිරීමට ඇමරිකානු රජයේ ආධාර – නදීක දයා බණ්ඩාර – මහනුවර

මහනුවර පැරණි රජමාලිගා සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු රජයේ ආධාර ප්‍රදානය කිරීම අද ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනියගේ ප්‍රධානත්වයේ එම මාලිගා සංකීර්ණයේදී  සිදුවිය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත එය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සඳහා ඇමරිකානු රජය එක්සත් ජනපද ඩොලර් දෙලක්ෂ හැටපන්දහසක මුදලක් ප්‍රදානය කොට තිබේ.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදුවූ අතර පසුව ඇය පැරණි මාලිගා සංකීර්ණය නිරීක්ෂණයට එක්වූවාය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඇති කර ගන්නා ලද හවුල් ගිවිසුම අනුව පැරණි රජ මාලිගාව සංරක්ෂණය කිරීමට සමගාමීව, එහි ඇති කෞතුකාගාර අභිවෘද්ධි ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.

මෙම ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන්  කිරීම නිමිත්තෙන් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් තානාපතිනිය වෙත ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහිත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂ ඩී.එම්.බී.ජේ.බී.දිසානායක යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *