ජනතාව පිඩාවට පත් වෙලා ..- මහනුවර වාර්තාකරු

එන්නත්කරණය මගින් කොවිඩ් මරණ සංඛ්‍යාව සාර්ථකව පාලනය කළත් ලෝක ආර්ථිකයේ කඩා වැටීම ඔස්සේ ඇතිවුණු ආර්ථික අර්බුද වලින් ශ්‍රී ලාංකික ජනතාව පීඩා විඳිමින් සිටින බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පුජ්‍ය නාරංපනාවේ ආන්නද නාහිමියෝ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය (Sarah Hulton) මහත්මිය හමුවේ පැවසූහ.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය පසුගියදා මල්වතු අස්ගිරි මහ විහාරවලට ගොස් එම පාර්ශවයන්ගේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු රටේ වත්මන් ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡාවක නිරත වූවාය.
සාරා හල්ටන් මහත්මිය අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදුටු අවස්ථාවට නාරංපනාවේ ආන්නද නාහිමියන් එක්වූ අතර එම අවස්ථාවේ අදහස් දක්වමින් උන්වහන්සේ මේවන විට රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට රජය උත්සහ කරමින් සිටින බවද පැවසූහ.
ආගමික,සංස්කෘතික හා අධ්‍යාපන ප්‍රශ්න සම්බන්ධව උපදෙස් ලබා ගැනීමට ජනපතිවරයා විසින් මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෞද්ධ උපදේශක සභාවක් පත්කර තිබෙන බවද ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ.
මහ සංඝරත්නය විසින් කරනු ලබන අනුශාසනා සියයට සියයක්ම කිසිදු රජයක් විසින් ක්‍රියාත්මක නොකරන බවත් අවශ්‍යය අවස්ථාවල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා රජයට අවවාවද අනුශාසන සිදුකරනු ලබන බවත් උන්වහන්සේ කීහ.
ඡායාරූපය-බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව