අපි රනිල්ව ගන්නේ නැහැ , ඇමති එස් ,බි කියයි – මහනුවර වාර්තාකරු

වර්තමානයේ රටේ ඇතිව තිබෙන ඩොලර් අර්බුදයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ හා රවි කරුණානායක වැනි අය බවත් රට එවැනි තත්ත්වයකට පත්කළ අය සමඟ සභාග ආණ්ඩු හැදීමේ කිසිදු වැඩපිළිවෙළක් සම්බන්ධව සේයාවක් හෝ නොමැති බවත් කර්මාන්ත ඇමැති එස්.බී දිසානායක මහතා පවසයි.
යහපාලන රජය ඩොලර් බිලියන 13000 ක් සුරැකුම් බැඳුම්කර නිකුත් කිරීම මගින් විවෘත වෙළෙඳ පොළෙන් ලබාගත් බවත් මේ ඔස්සේ ලංකාව පොළොවේ ගසා හිරකරන තත්ත්වයකට පත්වූ බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු  අද s b disanayake (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
එහිදී දිසානායක මහතා මෙසේද කීවේය.
අපේ රටේ මුදල ඉතා වේගයෙන් 2015-20 වගේම 2000-2005 කාලවලදී අවප්‍රමාණය වුණා. යුද්ධය ජයග්‍රහණය කළ ගමන් අපට දින දෙකකට විතරයි තෙල් තිබුණේ.ඒක ජනතාව දන්නෙත් නැහැ.ආණ්ඩුව ප්‍රශ්නය විසඳුවා.මේවා ජනතාවට කියලා ඒ අය බය කරන්න හොඳ නැහැ.ඉන්ධන වලින් රජය තාමත් අලාභයක් ලබනවා.ඒ නිසා පාඩුව විඳගෙන අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. ඉන්ධන වල අලාභය ආණ්ඩුව දරනවා කියන්නේ ඒක ජනතාව දරනවා කියන එකයි. පාඩුවට ඩීසල්, පෙට්ට්‍රල්, විදුලිය දෙන්න බැහැ.එහෙම දීපු රටවල් වලට නැගී හිටින්න බැරිවුණා.ජනතාව සමඟ මේක බෙදා හදාගන්න ඕන.තව මාස තුන හතරක් යනවිට රට ආපසු වේගයෙන් නැගිටිනවා.

හවුල්කාර පක්ෂ වල සියල්ල ගියාමත් පොදුජන පෙරමුණට 127 ක් ඉතුරු වෙනවා.අපි අවුරුදු 17 කට පස්සේ 1994 ක් චන්ද්‍රිකා එක්ක අපි ආණ්ඩුව හැදුවේ 113 කින්.මහින්ද ජනපති වෙලා 2005 ආණ්ඩුව හදනකොට බහුතරය තිබුණේ අපිට නොවෙයි එක්සත් ජාතික පක්ෂයටයි. අපි ආණ්ඩුව හදලා තුනෙන් දෙකක් ගන්න තැනට ගිහින් යුද්ධයත් ජයගත්තා.ඕවා ප්‍රශ්න නෙවෙයි.විමල්,උදය ගිය එක පාඩුයි.සියලු ප්‍රශ්න ඇතුළේ විසඳගන්න තිබුණා.මීට වඩා මහා දරුණු තැනකට රට 1972 දී වැටුණා. බණ්ඩාරනායක මැතිණියගේ සමයේ ජනතා විමුක්ති පෙරමුණ එල්ල කළ ප්‍රහාර හමුවේ තැපැල් කර්යාල,ලංගම ඩිපෝ,තේ කර්මාන්ත ශාලා,ඉන්ධන පිරවුම් හල් විනාශ වුණා.ගම්මාන වලට විදුලිය දුන් ට්‍රාන්ස්පෝමර් විතරක් 791 ක් ගිනි තියලා දැම්මා.සියල්ල කඩා වැටිලා ආර්ථිකය 0.2 ට වැටුණා.ඊට පස්සේ 1972 දී ලෝක මහා ආර්ථික අවපාතය හා සාගතය ආවා.මැතිණයට සිද්ධ වුණා සිකුරාදා හා අඟහරුවාදා බත් උයන්න එපා කියන්න.හාල් සේරු දෙකකට වඩා ගෙනියනවා නම් පොලීසිය දාලා ඇල්ලුවා.හාල් පොල්ල මිරිස් පොල්ල ගැන කතා කළා.ඒ කාලේ තමයි මේ රටේ ටයර්,ට්‍රැක්ටර්,කඩදාසි,සීනි කර්මාන්ත ශාලා හැදුවේ.පාරවල් නැති ගම් වලට අපේ මිනිස්සු උදැල්ල,අලවංගුව,මුල්ලුව අරන් ගහින් පාරවල් කපා ගත්තා.ලෝකයේ මහා ආර්ථික අවපාතයන් 2007,2008 හා 2009 වන විට ආවා.ඒ අතර අපි යුද්ධයක පැටලිලා හිටියේ.ඒ නිසා 2009 වන විට රටේ තත්ත්වය ඉතාම දරුණු වුණා.ඒත් අපි 2010 වනවිට නැගිටින්න පටන් ගත්තා.මේ ප්‍රශ්න හා ඒවයින් නැගී සිටින විදිහ අපිට හුරුයි රජයට හුරුයි.එදා හිටපු නිලධාරීන් තාම ඉන්නවා.

ලන්ඩන් වෙළෙඳ පොළේ ආහාර මිල 36% කින් ඉහළ ගිහින්.පකිස්තානයේ ඩොලර් අර්බුදයක් ඇවිත්.මේක ලෝකයම මුහුණ දෙන තත්ත්වයක්.පුල්මුඩේ වගේ සම්පත් වලට දේශීය හෝ විදේශීය හෝ ආයෝජකයින් ඕන.ඛනිජ වැලි වැනි ව්‍යාපෘති වලින් අපිට ලබාගන්න පුළුවන් ආර්ථික වාසි තාමත් අත්හැරලා තිබෙනවා කියලා මම හිතනවා.රජයේ කළමනාකරණය සාමාන්‍යයෙන් අකාර්යක්ෂමයි.රජය හා පෞද්ගලික අංශය දෙකම එකතු වෙලා තමයි යමක් කළ යුතු වන්නේ.පිත්තල විශාල ලෙස පිට රටට විකුණනවා.මේක ජාවාරමක්.ඒක නතර කරන්න ඕන.විමල් වීරවංශ ඇමැතිවරයාට කලින් කර්මාන්ත අමැති ධූරය හෙවබූ ඇතැම් අය මේ ජාවරම් වලට අනුබල දුන්නා.සහරාන්ටලාට පිත්තල ටික දුන්නා.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *