ඉන්ධන මිළ ඉහල යාම බහුධින ධීවරයන් වර්ජනයක ..- ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

ඉන්ධන මිළ ඉහල යාම හේතුවෙන් තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි වීම මත කර්මාන්තයෙන් තාවකාලිකව ඉවත්වී විරෝධතාවයක් දැක්වීමට තීරණය කල බව සමස්ත ලංකා බහු දින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි . ඊයේ (13 ) වෙන්නප්පුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සමස්ත ලංකා බහු දින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමය මේ නිවේදනය නිකුත් කරන ලදී .

මේ මාධ්‍ය හමුව සදහා ලංකාවේ දිස්ත්‍රික්ක කීපයක බහුදින යත්‍රා සංගම් වලට සම්බන්ධ නිලධාරීන් හා බහුදින් යාත්‍රා .හිමියන් හා සේවකයන් ද සහභාගී වී සිටියහ .

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා බහු දින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා කියා සිටියේ ඉන්ධන මිළ ඉහල ගියත් ධිවරයනට ධිවර වරායන් හිදී පැවති මිලට ඉන්ධන ලබා දීමට රජය පොරොන්දු වූ බවයි .

” අපිට ධිවර ඇමතිවරයා පොරොන්දු වුනා සහන මිලකට ඉන්ධන ලබා දෙනවා කියලා ,නමුත් දැන් බැහැ කියනවා . මේ තත්වය තුල අපිට මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ . අද වන විට ශ්‍රී ලංකාවේ බහුදින ධිවර යාත්‍රා 5300 ක් පමණ තිබෙනවා . මේ කර්මාන්තයෙන් ඍජුව යැපෙන පවුල් ගණන 50000 කට ආසන්නයි . වක්‍රව යැපෙන පවුල් ගණන ලක්ෂ දෙකක් . ඒ වගේම ගිය වසරේ කොරෝනා වසංගතය රට වෙලා ගනිද්දී අපේ ධීවරයන් ජීවිතය පරදුවට තබලා මෙරටට ගෙන ආ විදේශ අදායම ඇමරිකානු ඩොලර් මිලියන 330 ක් .ඒ වගේම තවත් ඩොලර් මිලියන් 100 ක පමණ වක්‍ර අදායමක් රටට අපි ගෙනල්ල තියනවා . මොකද අපි අල්ලන මසුන් ,කරවල මේ රටේ ජනතාවත් පරිභෝජනය කරනවා . බෝට්ටු කරවල කියලා කියන්නේ අපේ කරවල වලට තමයි . ඒ නිසා අපිව සුළු කොට තකන්න එපා කියලා මම කියනවා .

සමස්ත ලංකා බහුදින ධිවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේ තම ඉල්ලීම් වලට පිළිතුරු ලැබෙන තෙක් තමන් ගත තීරණය වෙනස් නොකරන අතර ඉදිරි දින කීපය තුල රට පුරා ධීවරයන් පාරට බස්සන බවයි ” වෙනත් රටවල බහුදින ධිවරයනට ඉන්ධන දෙන්නේ විශාල සහන මිලකට ,ඇතැම් රටවල භාගයකට භාගයක් නොමිලේ දෙනවා . අපි කියනවා ධිවර ඇමතිවරයාට අපිට වුන පොරොන්දුව ඉෂ්ධ කරන්න කියල ”

ධිවර සංගම් කීපයක නිලධාරීන් හා බහුදින ධිවර යාත්‍රා හිමියන් කීප දෙනෙකුද මෙහිදී කතා කරන ලදී .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *