ලෝක කාන්තා දිනය අදයි. – හංසලි උමාදී

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී ඇත.
මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටෙහි ශ්‍රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්‍යවසායිකාවකගේ භූමිකාවද නිරූපනය කරන කාන්තාව පිළිබඳ ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කාන්තා දිනය එනිසාම සෑම වසරකම මාර්තු මස 08 වැනිදාට එනම්, අද වැනි දිනක යෙදී තිබේ.
මේ නිමිත්තෙන් අප රටෙහි ද විවිධ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව පෙරදැරිව ජාත්‍යන්තර කාන්තා දින සැමරුම නිමිත්තෙන් මාර්තු 08 සිට අප්‍රේල් 07 දක්වා වැඩසටහන් රාශියක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත ය.
මෙම වැඩසටහන් මාලාව අද දින ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් අරඹා අප්‍රේල් මස 07 වනදා මොනරාගලින් අවසන් කිරීමටද සෑම පළාතකම මෙම කාන්තා දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යංශය සියලු කටයුතු සංවිධානය කර තිබේ.
ලෝකයේ ජීවනාලිය ඇයයි.ඇය නොමැතිව ලොවෙහි ජීවයක් පවතින්නේ කෙලෙසද? සැවොම ඇයට ගෞරව කරමු…ආදරය කරමු…