ලංකාවේ මානසික රෝගීන් වාර්තා වීම ඉහළ ඉහල යයි – මහනුවර වාර්තාකරු

මෙරට ජනමාධ්‍ය මගින් විකෘති මනස් ප්‍රතිනිර්මාණය කිරීමට කරනු ලබන දායකත්වය හේතුවෙන් මානසික රෝගීන් වාර්තා වීම ඉහළ යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති,සම්මානිත මහචාර්ය එච්.එම්.ආර්.ඩී හේරත් මහතා පවසයි.
වසර තිහක යුද්ධය ඇතුළු තවත් කාරනා රැසක්ද මානසික රෝගීන් බහුල වීමට හේතුවී තිබෙන බවත් ඔවුන්ට ප්‍රතිකාර කිරිමට තරම් මනෝ වෛද්‍ය විශේෂඥයින් නොමැති බවත් ඒ මහතා කීය.
ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඒ.එල් වික්‍රමසිංහ මහතා විසින් රචිත සුලභ මානසික ආබාධ නැමැති ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් මහනුවර ජාතික රෝහලේ පශ්චාත් උපාධි වෛද්‍ය මධස්ථාන ශ්‍රවනාගාරයේදී (07) පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මුදල් ඇති හා නැති අය දෙපාර්ශවයමත් නාගරික ප්‍රජාව මෙන්ම ග්‍රාමීය ප්‍රජාවත් සුලභ මානසික රෝග වලට ගොදුරු වන බවත් මේ අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ,ආචාර්ය මහචාර්යවරු,,ගොවියෝ,කම්කරුවෝ ඇතුළු සියලු වෘත්තීන් නියෝජනය කරන පිරිස් සිටින බවත් ඒ මහතා කීය.
මේ නිසා පවුල් වල විශාල ලෙස ගැටලු ඇතිව තිබෙන බවද මහචාර්වරයා පැවසුවේය.
වසර 35 ක පමණ කාලයක් වෛද්‍යවරයෙකු,විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ලංකාවේ විවිධ ප්‍රදේශවල සේවය කරමින් ලත් අත්දැකීම් ඔස්සේ වික්‍රමසිංහ මහතා සරල සිංහල බසෙන් කාටත් තේරුම් ගත හැකි ලෙස මෙම ග්‍රන්ථය රචනා කර තිබීම අගය කළ යුතු බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.
ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද බොහෝ පිරිසක් කෘෂිකර්ම,වෛද්‍ය,ඉංජිනේරු ආදි විවිධ ක්ෂේත්‍ර වල නිතරව සිටින බවත් තවත් අය විශ්ව විද්‍යාලයන්මි විවිධ පීඨවල ආචාර්ය මහචාර්යවරු ලෙස කටයුතු කරන බවත් කී ඒ මහතා ඔවුන් බොහෝ පර්යේෂණ කෘති හෝ ග්‍රන්ථ රචනා කරන්නේ මේ රටේ දුප්පත් අහිංසක බදු ගෙවන ජනතාව වෙනුවෙන් නොව ඉංග්‍රීසි කතා කරන පිරිස වෙනුවෙන් බවද අවධාරණය කළේය.
මෙහි ප්‍රතිපලයක් ලෙස ලංකාවේ විශ්ව විද්‍යාල,පර්යේෂණ ආයතන නඩත්තු කරන දුප්පත් ජනතාව වෙනුවෙන් සිදුවන සේවයක් නැති බවද මහචාර්යවරයා කීය.
මෙම අවස්ථාවට මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ විද්‍යා ආයතනයේ සභාපති ගිහාන් අබේවර්ධන,ප්‍රවීණ ලේඛක අයිවන් අල්විස්,මනෝ වෛද්‍ය විශේෂඥ සුරංගි ජයරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිිරිසක් සහාභාගි වූහ.
ඡායාරූප-ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්,ඒ.එල් වික්‍රමසිංහ මහතා සුලභ මානසික ආබාධ ග්‍රන්ථයේ පිටපතක් මහචාර්ය එච්.එම්.ආර්.ඩී හේරත් මහතාට පිරිනැමූ අයුරු.