හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනපති හා අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි. – ජනනි කෞශල්‍යා 

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙනු අතිනවීන පහසුකම්වලින් සමන්විත සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  විවෘත  කැරිණි .
මාගම්පුර ලංවා කර්මාන්තපුරයේ අක්කර 63 ක භුමි භාගයක ඉදිකර ඇති මෙම කර්මාන්ත ශාලාව කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලා අතරින් එකකි. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන ලංවා සංස්ථා සිමෙන්ති  කොපරේෂන් සමාගමේ සම්පුර්ණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන හතරකි.
මුල් අදියරේ එහි වාර්ෂික ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 2 යි දශම 8 ක් වනු ඇත. යුරෝපයේ නිෂ්පාදිත නවීන යන්ත්‍රෝපකරණ භාවිත වන බැවින් අපතේයාම අවම වනු ඇතැයි සමාගම පෙන්වා දෙයි.
නිෂ්පාදන කටයුතු ආරම්භ වීමෙන් පසු කොළඹ වරාය නගරය සහ අධිවේගි මාර්ග ඇතුඵව ප්‍රධාන පෙලේ ඉදිකිරීම් ව්‍යාපෘති සදහා අවශ්‍ය සිමෙන්ති සැපයීමට නව කර්මාන්ත ශාලාවට හැකිවනු ඇතැයි සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මහතා පවසයි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *