නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

ජාතියේ පිනට පහළ වූ නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා වහන්සේ වෙනුවෙන් කළ උදාර සේවය සලකා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිවරයා ගත් පියවර අගය කරන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.elefent

වසර ගණනාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය පිළිබඳව අස්ගිරි මහ විහාර පාර්ශවීය සංඝරත්නයේ සංවේගයට ප්‍රකාශ කරන බවද උන්වහන්සේ කීහ.
නැදුන්ගමුවේ රාජා හස්තියාගේ අභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අනුනාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

බුදුන්ට දළදා වහන්සේට ඇප උපස්ථාන කිරීමට භික්ෂු,භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිව්වනක් පිරිස වසනාවන්ත වූ සේම සුවිශේෂි සතුන්ටද එම වාසනාව හිමිවූ බවත් එවන් දුර්ලභ වාසනායක් හිමි සත්ත්වයෙකු ලෙස නැදුන්ගමුවේ රාජා හැඳින්විය හැකි බවත් අනුනාහිමියෝ පැවසූහ.
මෙවැනි සතුන් පහළ වන්නේ ජාතියේ පිනට බවත් දළදා මාලිගා පෙරහරේ කරඬුව වැඩම කළ රජා හස්තියාගෙන් පසු නැදුන්ගමුවේ රාජා එම පිංකමට දායක වීමට පුණ්‍යවන්ත වූ බවත් කී අනුනාහිමියෝ මෙම පින්වන්ත හස්තියා සන්සුන් මනසින් යුක්තව පෙ‍රහරේ ගමන් කරන උපශාන්ත ලීලාව දුටුවන්ගේ බුද්ධලම්භන ප්‍රීතිය දෙගුණ තෙගුණ කරන බවද ප්‍රකාශ කළහ.
මංගල හස්තිරාජයෙකුට තිබිය යුතු සියලු ගුණ නැදුන්ගමුවේ රජා සතුවූ බවත් ළග තිබුණු බවත් කාලයකින් පහළ වන මෙබදු මේ ආකාර පින්වන්ත සතෙක් ජාතික වස්තුවක් ලෙස නම් කරන්න ජනපති ගත් තීරණය ගැන සතුටු වෙන බවත් උපාලි හිමියෝ කීහ.
සසරේදී පින්දහම් කරගන්නට තවත් අවස්ථාව රාජාට ලැබේවායි ප්‍රාර්ථනය කරන බවද උන්වහන්සේ පැවසූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *