ලක්ෂ 220 ක ජනතාව පිඩනයට පත්වෙලා .සජිත් ප්‍රේමදාස කියයි – මහනුවර වාර්තාකරු

sajith premadaasa

මේ රටේ ලක්ෂ 220 ක ජනතාව වත්මන් ආණ්ඩුව යටතේ අසීමිත පීඩනයකින් හා අසහනයකින් දිවිගෙවන බවත් ඔවුන්ගේ ජනදුක නිවන පොදුජන අරගලය සමගි ජනබලවේගය විසින් පොදුජන මෙම මස 15 වැනි දින ආරම්භ කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පවතින තත්ත්වයෙන් රට මුදාගෙන නැවත වරක් සෞභාග්‍යය කරා ගෙනයාමේ හැකියාව සමගි ජනබලවේගය සතු බවත් ඒ සඳහා යම් යම් කැපකිරීම් කරන්නට සිදුවනු ඇති බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේය.
රටේ විරැකියාව වැඩිවී උද්ධමනය ඉහළ ගොස් ආර්ථිකය ඍණ අගයක් දක්වා පහත වැටී තිබෙන බවත් නිවැරදි උපාය මාර්ග වෙත යොමුවීම ඔස්සේ මෙම අර්බුද වලින් ගොඩ ඒමට හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සමගි ජනබලවේග රජයක් පිහිටුවීමෙන් පසු ජනපති,අගමැති,කැබිනට් මණ්ඩලය හා මන්ත්‍රීවරු කැපකිරිම් සිදුුකර රටට හා ජනතාවට ආදර්ශයක් ලබාදෙන බවද විපක්ෂනායකවරයා කීය.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන උපාය මාර්ග දෙක වන්නේ මුදල් අච්චු ගැසීම සහ ජනතාව බොරුවෙන් ඇන්දවීම බවත් ඇමැති මාරුව නිසා මේ රටේ ගෑස්,ඉන්ධන,කිරිපිටි පෝලීම් දුරුවී විදුලි කප්පාදුව නතර වී නොමැති බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සුදුළූණු වලින්,සීනි වලින් මහා පරිමාණ වංචා සිදුකරන්නට දී රටක් ගොඩනැගිය නොහැකි බවත් වංචාවෙන් දූෂණයෙන් තොර සමගි ජනබලවේග රජයක් යටතේ ඉදිරියේදී මහජන මුදල් කොල්ලා කා සඟවාගෙන සිටින ඩොලර් සංචිත සොයා ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

විදුලි අර්බුදයට,ගෑස් ප්‍රශ්නයට,තෙල් ගැටලුවට අනගිභවනීය විසඳුම් සමගි ජනබලවේගය සතු බවත් වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සාමාකාමීව මුළු රටම පාරට බැසිය යුතුව තිබෙන බවත් කී විපක්ෂනායකවරයා එළඹෙන 15 දින කොළඹට එන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද අවාධාරණය කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *