ජත්‍යන්තර සහය තියෙන්නේ අපිටයි කිරිඇල්ල මහනුවරදී කියයි – මහනුවර වාර්තාකරු

ජත්‍යන්තර සහය ලබාගත හැකි එකම කණ්ඩායම සමගි ජනබලවේගය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
යහපාලන ආණ්ඩුව සමයේ එය ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වා තිබෙන බවත් සුළු ජාතීන්ට හිරිහැර කරන කිසිදු ආණ්ඩුවකට ජත්‍යන්තර සහය හිමිනොවන බවත් ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.
මුලින්ම මේ රටේ ප්‍රශ්න ජත්‍යන්තරයට ගෙනගියේ 1989 දී මහින්ද රාජපක්ෂ මහතා බවත් එහි කිසිදු වරදක් නොමැති බවත් කී ඒ මහතා ආණ්ඩුවෙන් හෝ අධිකරණයෙන් ප්‍රශ්න වලට විසඳුමක් නොලැබෙන්නේ නම් ජත්‍යන්තරය හමුවට යාම සාධාරණ බවද අවධාරණය කළේය.
කාදිනල් තුමා වසර තුනක් තිස්සේ බලාසිට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවන නිසා ජත්‍යන්තරයට ගොස් තිබෙන බවද ඒ මහතා කීය.
ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුවක් ගොඩනගා වැඩිදුර යා නොහැකි බවත් ආණ්ඩුවක් ගොඩනැගිය යුත්තේ ප්‍රතිපත්ති හා අදහස් වලින් එකඟතාවකට පැමිණිය හැකි පිරිසක් සමඟ බවත් හෙතෙම පැවසුවේය.
එජාපය විශාල කැපකිරීමක් සිදුකර යහපාලන ආණ්ඩුව ගොඩනැගීමෙන් පසු විරුද්ධව සිටි බලවේග ආණ්ඩුව තුළට කැඳවා කැබිනට් ඇමැතිකම් ලබාදුන් බවත් එතැන් සිට ආණ්ඩුව තුළ අර්බුද ඇතිවූ බවත් කී කිරිඇල්ල මහතා මේ ආකාරයට ආණ්ඩු කිරීමෙන් රටට සෙතක් අත්නොවන බවද ප්‍රකාශ කළේය.
අපේ අපනයන වලින් 60% ක් පමණම මිලට ගන්නේ බටහිර රටවල් විසින් බවත් ඔවුන්තරහා කරගෙන ඉදිරි ගමනක් යාමට නොහැකි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකරයා පැවසුවේය.
පොදුජන පෙරමුණ රටට ඉදිරිපත් කළ සෞභ්‍යගයේ දැක්ම ජනතාව අනුමත කළ බවත් දැන් ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ ජනතාව පෝලීම් වල රස්තියාදු නොකර දුන් පොරොන්දු ඉටුකිරීම බවත් මන්ත්‍රීවරයා කීය.