ප්‍රවීණ රංගන ශිල්පී බර්ටි ගුණතිලකගේ අවසන් කටයුතු අද පස්වරුවේ – හංසලි උමාදී

ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

දේහය මහජන ගෞරවය සඳහා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙනු ඇති.

ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ලාංකේය රසික ආකර්ශනය දිනාගත් බර්ටි ගුණතිලක මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතාගේ වයස අවුරුදු 97 කි.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *