නැඳුන්ගමුවේ රාජා හස්තියා, දිවි සැරිය නිම කරයි – ජනනි කොඩිතුවක්කු

elefent
දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන් හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්තියා අද උදෑසන(07) මිය ගොස් තිබේ.
මියයන විට නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි.
ජාතික උරුමයක් ලෙස නම් කර සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ වාසස්ථානය වූයේ මීරිගම හර්ෂ ධර්මවිජය මහතාගේ නිවසයි.
කලක් රෝගාතුරව සිටි නැඳුන්ගමුවේ රාජා හස්තියා රෝගීව සිටියදීම පසුගිය වසරේ ශ්‍රී දළදා කරඬුව වැඩම කරවීම විශේෂත්වයකි.
ශ්‍රී දළදා මාලිගාවේ කරඬුව මීට පෙර වැඩම කරවූ රාජා හස්තියාට පසු වැඩිම වාර ගණනක් දළදා කරඬුව වැඩම කරවූයේද නැඳුන්ගමුවේ රාජා හස්තියායි.
Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *