පාසල් වෙත ළමුන් ගෙන්වීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත – සදලි නවෝද්‍යා

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (07) සිට යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 7 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව සඳුදා දිනයේ සිට පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත පැවරෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා  පැවසිය .

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *