පැරණි මස්කෙළිය නඟරයේ නටඹුන් යලි මතුවේ.- චන්දන ජයවීර – හැටන්

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අද  පෙ.ව. 06.00 වන විට පිටාර මට්ටමේ සිට අඩි 32.6  ක් පමණ  පහත බැස ඇති බව  එම ජලාශය භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර පෝෂක ප්‍රදේශවලට  මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණික තත්වයත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට පතුල දක්වා ඉතා සීඝ්‍රයෙන් සිඳී යාමට පටන්ගෙන ඇත.

අක්කර අඩි 95400 ක වපසරියකින් යුත් මෙම ජලාශය මගින් ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, පොල්පිටිය යන ප්‍රධාන ජලාශ 04 සඳහා ජලය සැපයීම සිදු කරනු ලබයි.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පහත බැසීමත් සමග ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නඟරයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සියළුම ආගමික සිද්ධස්ථාන මේ වන විට ජලයෙන් මතුවෙමින් තිබෙන අයුරු දක්නට ලැබේ.

ශ්‍රීපාද කඳු පාමුළ පිහිටි අතිශය සුන්දර මාවුස්සාකැලේ ජලාශයට යටව තිබූ පැරණි මස්කෙළිය නඟරයේ නටඹුන් නැරඹීමට මේ දිනවල ප්‍රදේශවාසීන් හා ශ්‍රීපාද වන්දනාකරුවන් පැමිණෙමින් සිටිති.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *