විදුලිබලාගාර වලට ඉන්ධන ? සදලි නවෝද්‍යා

අද (06) දිනයේ විදුලි බලාගාර දෙකකට ඉන්ධන සැපයීම සිදු කෙරෙන අතර, පෙරවරු 10.30ට එය ආරම්භ වූ බව වාර්තා වෙයි .
කෙරවලපිටිය බලාගාරයට සහ සොජිස්ට් බලාගාරයට මෙලෙස ඉන්ධන සැපයීම අද සිදු කිරීමට නියමිතයි
එහිදී ඩීසල් මෙට්‍රික් ටොන් 8,000 ක් එම බලාගාර දෙකට ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි
මේ අතර අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පැය දෙකයි විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම මගින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ
ඒ අනුව ඒ, බී සහ සී කලාපවලට පමණක් අද එම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.