ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා වීරවංශ හා ගම්මන්පිල වටින බව ඇමති දිලුම් අමුණුගම මහතා මහනුවර දී කියයි.- නදීක දයා බණ්ඩාර – මහනුවර

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරු සමඟ සාකච්ඡා කොට ඔවුන් රඳවා ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ගම්මන්පිල සහ වීරවංශ මහත්වරු වැදගත් යැයි මහනුවර දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මහනුවර සිට ඇල්ල දක්වා සංචාරකයන් ප්‍රවාහනය කරන නව දුම්රිය ධාවනයට එක් කිරීම නිමිත්තෙන් පැවැති අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත්වූ අවස්ථාවේදී මහින්ද සුළග දියත් කිරීමට කටයුතු කළ ආරම්භක සටන් සඟයන් ඉවත්වීම සතුටට කරුණක් නොවන බව කී අමාත්‍යවරයා, එම කණ්ඩායම ප්‍රශ්නය මෙතරම් දුරටත් ඇදගෙන පැමිණීම අපරාධයක්  යැයි ද කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා උදය ගම්මන්පිල හා විමල් වීරවංශ මහත්වරු වටින අවස්ථාවක ඔවුන් පිළිබදව තීරණයක් ගැනීමට සිදුව තිබෙන්නේ නම් පක්ෂය පිළිබද තීරණයක් ගැනීම එතරම් ගැටලුවක් නොවන බව ද අමාත්‍යවරයා කීහ.

පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ 11ක් සහභාගීවන බව කීවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට පොල්ලක් තබා ඇතැයි කී අමාත්‍යවරයා, මෛත්‍රීපාල සිරිසේන මහතා සෑම අවස්ථාවකදීම එවැනි කටයුතු සිදුකර තමාගේ අවශ්‍යතාවය ඉටු කර ගන්නා බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *