ශාන්ත හලාවත හොල්ලයි . විරෝධයට සැලකිය යුතු සෙනගක් – ප්‍රියදර්ශිකා ඒකනායක

ඉන්ධන හිගය , බඩු මිළ ඉහල යාම ,විදුලි අර්බුධය ,ජලය නොමැති වීම , ගෑස් හිගය ඇතුළු ගැටළු කීපයකට වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සමගි ජන බල වේගය රටපුරා ගෙන යන විරෝධතා මාලාවේ එක් විරෝධත්වයක් පෙරේදා 05 පස්වරුවේ හලාවතදී පැවැත්විණි . සමගි ජන බල වේගයේ හලාවත සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා විසින් මෙය සංවිධානය කර තිබු අතර පැයකට ආසන්න කාලයක් මේ විරෝධතාවය පැවැත්විණි .
විරෝධතාකරුවන් පන්දම් අතැතිව විරෝධතාවයේ නිරත වූ අතර පසුව හලාවත නගරයේ විදි කීපයක් පුරා පෙළපාලි යන ලදී . අනතුරුව හලාවත නගර මධ්‍යයේ පිහිටි දේවාලයට ගොස් දේව කන්නලව්වක නිරත වී විරෝධතාවය අවසන් කැරිණි .
පවතින රජය ට දැඩි විරෝධයක් පල කරමින් පොල් ගැසීමක් ද සිදු වුහ .
පවතින ඉන්ධන හිගය හලාවත ධිවර ජනතාවට දැඩිව බලපා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී .