සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් මහනුවර සිට ඇල්ල දක්වා නව දුම්රියක් -නදීක දයා බණ්ඩාර – මහනුවර

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය පොල දක්වා නව දුම්රියක් අද සිට ධාවනයට එක්විය.

දේශීය හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් ධාවනයට එක්වූ මෙම දුම්රිය දියඇලි, කදු පන්ති, බිංගෙවල් හා විශේෂ පාලම් සහිත ප්‍රදේශවල නතර කොට සංචාරයක්ට එම ස්ථාන දැක බලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල, ග්‍රේට්වස්ටර්න් දුම්රිය ස්ථානය, එල්ජින් දිය ඇල්ල, පට්ටියපොල ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය, දෙමෝදර ආරක්කු පාලම යන ස්ථානවල මෙම දුම්රය සංචාරකයන් වෙනුවෙන් මිනිත්තු දෙකත් දහයත් අතර  කාලයක් නතර කිරීමට නියමිතය.

මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00ට දිනපතා පිටත් වන සංචාරක දුම්රිය පස්වරු 2.20ට දෙමෝදර දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.  පස්වරු 3.40ට යළි දෙමෝදරින් පිටත්වන දුම්රිය රාත්‍රී 09.35ට මහනුවර දුම්රිය ස්ථානය වෙත ළගාවේ.

නව දුම්රිය ධාවනයට එක්වූ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්වූහ.

Share This :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *